පනාමුරේ ඇත්ගාල





පනාමුරේ ඇත්ගාල


පනාමුර ඇත් රාජා යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප්‍රසිද්ධ වූ නාමයකි. ‍මෙම නාමය හා බැදී පවතින පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය ‍ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූවකි. අපගේ මෙම සටහන මෙම පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය හා ඒ පිළිබදව ඇති තොරතුරු සම්බන්ධයෙන් වේ

.

අදට ශේෂ වී ඇති එකම එක ලී කණුව

ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප්‍රදේශයට ලගා විය හැකි ආකාරය පිළිබදව විමසා බලමු. මෙහිදී කොළඹ සිට පැමිණෙන්නේ නම් රත්නපුර හරහා ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව පසුකල පසු රංචමඩම හංදියෙන් හැරී දකුණට ගමන් කර පනාමුර දක්වා වූ මාර්ගයේ ගමන් කල යුතු වේ. මෙම හැරී ගමන් කරන මාර්ගය දුෂ්කර වන අතර, ඇඹිලිපිටිය උඩගම හංදියෙන් හැරී කොලොන්න හරහා සූරියකන්ද දක්වා වන මාර්ගයේ කි.මී. 10 ක් පමණ ගමන් කිරීමෙන් පනාමුර හංදියට පැමිණිය හැකිය. මඩුවන්වෙල වලව්ව දක්වා වූ මාර්ගය වන්නේද මෙම උඩගම පනාමුර හරහා කොලොන්න මාර්ගයයි. පනාමුර හංදියේ සල් ගස ලගින් දකුනට හැරී කි.මී. 2-3 ක් පමණ ගමන් කිරීමෙන් ඇත්ගාල ප්‍රදේශයට ලගා විය හැකිවේ.



අවාසනාවකට පසුගිය දින වන විට මෙම ස්ථානයේ ශේෂ වී ඇත්තේ පුරාවිද්‍යා පුවරුවක්, ඇත්ගාලට පාදක කරගත් දිය උල්පත හා ප්‍රදේශවාසීන් විසින් නැවත සකස් කර සිටුවන ලද එක් ලී කණුවක් පමණි

No comments:

Post a Comment