ලන්දේසි කාලය




රත්නපුර දිස්ත්‍රික්කයේ ‍ෙකා‍ෙළාන්න ‍ ‍ෙකාරළ‍යේ ‍ආර්ථික - සාමාජීය සංස්කෘතික සංකීර්ණත්වයෙන් යුත් ගම්මානයකි පනාමුර.“පනාමුර” අර්ථ කීපයකට වැටේ. “පනා” යනු කොස් වලට කියන නමකි. කොස්ගස් බහුල ප්‍රදේශය  වන්නට ඇත. “පනහනක් මුරකරන ස්ථානය පනාමුර වූ බවයි.                “පනාමුර” ගැන පූජ්‍ය පණ්ඩිත කිරිඇල්ලේ ඤානවිමල හිමිගේ අදහස වන්නේ, “දකුණෙන් පැමිණෙන පෘතුගීසීන්ගෙන් සබරගමුව ආරක්ෂා කර ගැනිම සදහා යුද සෙබළුන් නතර කර සිටි කඩවත් සතරෙහි මුර පොළවල් යාබදව පිහිටි මොර - පනා (පනසකොස්) ඉඹුල් - පොල් යන ගස් වල නම් ගෙන මෙ‍ා(ල) මුරේ - පනාමුරේ ඉඹුලමුරේ - පොල්(ල) මුරේ යන නම් සතර ව්‍යවහාරයේ එයි.” යනුවෙනි.       පනාමුර “ඇත්ගාල” හා බැදුන කතාද “පනාමුර” නම ප්‍රසිද්ධියට පත් වීමට හේතුවිය. පනාමුර කඩපලේ සිට දකුණු දෙසට විහිදෙන මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගිය විට පනාමුර ඇත්ගාල පිහිටි ස්ථානයට ගිය හැක‍ිය. එතැන අතීතයේ දිය උල්පතක් තිබූ අතර, එහි දිය බීමට ඇතුන් විශාල වශයෙන් පැමිණියහ. මඩුවන්වල දිසාවේ විසින් ඇත්ගාල සකස් කර ඇති බව පෙනේ.මෙහිදි වර්ෂයකට වරක් කොටුකර අල්ලා ගන්නා ඇතුන් විකුණන ලදි. වරක් මෙම ඇත්ගාලට කොටුකර ගන්නා ලද ඇතෙක් තම වර්ගයා වෙනුවෙන් යටත් නොවී සටන් කළ ආකාරය ගැන අසන්නට ලැබේ. පනාමුරේ ඇත්රාජා යන ගීතය රචනා වී ඇත්තේද මේ සිද්ධිය මුල්කර ගෙනය.        පනාමුර ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වීමට හේතුවූ තවත් කාරණයකි අතලාවලයාගේ කතාව. මොහු දාමරිකයෙක් බවත් මිනිස් ජිවිත විනාශ කර දේපල කොල්ලකෑ පුද්ගලයෙක් බවටද වාර්තා වෙයි. මොහු අල්ලා දීමට ඉදිරිපත් වූ විජයසුන්දර මොහොට්ටාල අතලාවලයා අල්ලාගත් බවත් ඒ වෙනුවෙන් ඔහුට අක්කර හත්දාහක් විශාල පනාමුරේ ගම පරිත්‍යාග කරන ලද බව ත් සද‍‍‍‍‍‍‍‍හන් වෙයි.      කාවන්තිස්ස රජමහ විහාරයද පනාමුර ගම ආලෝකමත් කිරිමට එක් ස්ථානයකි.කාවන්තිස්ස රජු විසින් කරවන ලද‍  මෙම විහාරය පනාමුරයේ  අභිමානය  විදහා දක්වන ඓතිහාසික සිදස්ථානය තවමත් සැදැහැවතුන්ගේ  පුදපූජා සදහා ජීවමානව පවතී. 

ශ්‍රි  ලංකාව තුල මෙන් ලෝකයේ  ප්‍රසිද්ධ  ස්ථනයක් ලෙස  පනාමුර  පෙන්වාදිය හැක. පනාමුරේ ඇත් රාජා යන  නම ඇසු පමනින් පනාමුර  යන නාමය කා අතරත් මතකයට එති. පනාමුරේ ඇත්රාජා  යනුවෙන්  ගීතයක් ද නිර්මාණවීමද ඊට බලපා තිබේ.ඒසේම  කෘෂිකාර්මික අතින් පරිපුර්ණ ගමක් වු පනාමුර ඵෙතිහාසික අතින්ද ඉතා වටිනාකමක් ද ඇත. පනාමුර යන නම සෑදී ඇතතේ ඇත්ගාල හා සම්බන්ධව යැයි  පැරැන්නන් කියා තිබේ.පනාමුර යන නාමය 50 දෙනෙක්  ඇත් ගාල මුර කරපු නිසා සෑදි ඇතැයි සැලකේ.ඒවාගේම සැමදාම රෑට පහන් 50ක් දැල් වු නිසා සෑදී ඇතැයිද සැලකේ. කෘෂි ආරථිකයෙන් පරිපුරණ වු ආර්ථික රටාවෙහි  වීකෙසෙල්   හා විවිධ වු එලවළු වර්ග රාශියක් ද වගා කෙරේ.පන්දහසක් පමණ ජනගහණයක් ජීවත්වන පනාමුරේහි සියලු දෙනාම බොද්ධාගමික පරිසරයක ජීවත් වේ.ශ්‍රි කාවන් තිස්ස රජු විසින් ඉදිකරන ලද  ශ්‍රි කාවන්තිස්ස  රජ මහා විහාරයපුන් පෝයදාට මෙන්ම ඉරිද ට බාල මහලු තරැණ සියල්ලන්ගෙන්ම පිරි ඉතිරී යයි. වර්තමානයේ තරැණයින් නවීණ ආර්ථික රටාවන්ට හුරැ වෙමින් පවති.වෙළදාම හා කාර්මික අංශයන්ට ඹවුන් යොමු වෙමින් පවතී.එම  යොමු වීම හරහා දිර්ගකාලීන ආර්ථික වර්ධනයක්  පනාමුර ගමෙහි දැකගැනීමට හැකි වේයැයි අපි සිතමු..











           

     
Powered by the

















No comments:

Post a Comment